Gossips

ලක්ෂ ගණනක කප්පම් ඉල්ලූ උසස් පෙළ සිසුන් දෙදෙනෙකු රිමාන්ඩ්

කප්පම් ඉල්ලීමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ උසස් පෙළ සිසුන් දෙදෙනෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඇඹිලිපිටිය – පල්ලේගම සහ මොරකැටිය ප්‍රදේශවල පදිංචි සිසුන් දෙදෙනෙක්. ඇඹිලිපිටිය පොලිසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, ඔවුන් දුරකථනයෙන් තර්ජනය කර පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ලක්ෂ 10 ක සහ ලක්ෂ 50 ක කප්පම් ඉල්ලා ඇති බවටයි පොලිසියට පැමිණිලි ලැබී තිබුණේ.
ඒ අනුව සිදුකළ විමර්ශනයට අනුව මෙම උසස් පෙළ සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුනා.
එසේම තරුණියන් සමඟ ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන පසුව ඔවුන් සමඟ ගත් ඡායාරූප ඔවුන්ගේ දෙමව්පියන්ට පෙන්වමින්ද මොවුන් කප්පම් ඉල්ලා ඇති බවටයි පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ.