Gossips

ලක්ෂපාන සහ විමලසුරේන්ද්‍ර ජලාශවල ජල මට්ටම ඉහළට

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශයේ සහ ලක්ෂපාන ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම කාසල්රී සහ මාවුස්සාකැළේ ජලාශයේ ද ජල මට්ටම තරමක් දුරට ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, අද දිනයේදී මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.