Politics Sri Lanka

ලංවිම වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් ඇතුළු 6කගේ සේවය අත්හිටුවයි

ලංවිම වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් ඇතුළු 6කගේ සේවය අත්හිටුවයි

වහාම ක‍්‍රියාත්මක වන පරිදි ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ඇතුලු වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්.බී ගනේගල මහතා ඔහුගේ නිල කාමරයේ හිර කර තබා ගනිමින් ජනවාරි 17 වැනිදා විරොධතාවය පළකිරීම ඇතුලු කරුණු හේතුවෙන් තමා ඇතුලු පිරිසගේ සේවය අත්හිටුවා ඇති බව රන්ජන් ජයලාල් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

පසුගිය සිකුරාදා (16) සේවය අත්හිටුවීමට අදාල ළිපි තමන් වෙත විදුලි බල මණ්ඩලයේ පාළනාධිකාරිය ලබාදුන් බවත් ආයතන සංග‍්‍රහයට පටහැනිව වැටුප් රහිතව මෙම ක‍්‍රියා මාර්ගය ගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.

රන්ජන් ජයලාල් මහතාට අමතරව විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සමුලු ලේකම් අජිත් දේවප‍්‍රිය, නිදහස් සේවක සංගමයේ ලේකම් ඩබ්. ඒ.පී ප‍්‍රභාත්, උප සභාපති පී.ඩී.එස් ප්‍රේමලාල් කමිටු සාජාජිකයන් වන ඩී.එස් විජයලත්, ප‍්‍රියන්ත ගුණසේකර යන මහත්වරුන්ගේ සේවය මෙලෙස අත්හිටුවා ඇත.