විදුලි කප්පාදුවට අදාළ වාර්තා මහජන උපයෝගීතා කොමිසමට ලබා නොදීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීම කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ලබන 16 වන දා දක්වා කල් දැමීමට පියවර ගෙන තිබෙනවා.
මහජන උපයෝගීතා කොමිසම ගොනු කර ඇති මෙම නඩුවේ පළමු වගඋත්තරකරු ලෙස ලංකා විදුලිබල මණ්ඩලය නම් කර ඇති අතර, දෙවන වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ එහි අධ්යක්ෂ මණ්ඩලයයි.
අදාළ නඩුවට අනුව අද දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය ලංකා විදුලිබල මණ්ඩලය වෙත නොතීසි නිකුත් කර තිබුණා.
ඒ අනුව විදුලිබල මණ්ඩලය විසින් මෝසමක් ගොනු කරමින් ප්රකාශ කර ඇත්තේ තම නීතිඥයාට අද දින අධිකරණයට පැමිණිය නොහැකි බවයි. ඒ අනුව නව දිනයක් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව අදාළ පෙත්සම ලබන 16 වන දා විභාගයට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා