Gossips

ලංගම බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටෙයි

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර ලොරි රථයට සහ බස් රථයට දැඩි අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථය ලංගම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුර හේතුවෙන් විනාඩි 30 ක පමණ කාලයක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය ඇණහිට තිබූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කලේ.
වටවල පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.


(ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ)