Gossips

ලංගම බස් ගාස්තුත් අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල අයකෙරෙන ගාස්තු සියයට දෙකකින් අඩුකර තිබෙනවා.
මේ අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහත හෙලීමත් සමඟ පුද්ගලික බස්රථ ගාස්තු ද අද (08) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 2කින් අඩු කරන බව බස් සංගම් ඊයේ (07) දැනුම් දුන්නා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ ඊයේ (07) දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව එම සංගම් මෙම තීරණයට එළඹ ඇති අතර කෙසේ වෙතත් අවම ගාස්තුවේ වෙනසක් සිදුනොවන බවයි එම සංගම් එහිදී කියා සිටියේ.
නව බස් ගාස්තුවද මේ වනවිට ජාතික ගමනාගමන කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව රුපියල් දොළහේ අවම ගාස්තුව, රුපියල් 15,20 සහ 34 යන ගාස්තු අවස්ථා වෙනස් වන්නේ නැහැ.
රුපියල් 25 හේ සිට අනෙකුත් ගාස්තු අවස්ථා රුපියලේ සිට වෙනස් වනවා.
සංශෝධිත බස් ගාස්තු ලැයිස්තුව මෙතැනින්..