Gossips

ලංගම කොන්දොස්තරවරයෙකුට හලාවතදී ප්‍රහාරයක්

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක කොන්දොස්තරවරයෙකුට හලාවත නගරයේදී කිසියම් පිරිසක් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අද (09) පෙරවරුවේ මෙම පහරදීම සිදුව ඇත්තේ කොළඹ සිට පුල්මුඩේ දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක කොන්දොස්තරවරයෙකුටයි.
ඔහු කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයක සේවය කරන ත්‍රිකුණාමලය – ආලන්කේනි ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.
බස් රථය හලාවත නගරයේ බස් නැවතුම්පොලක නවතා මගීන් නංවා ගැනීමට සූදානම් වනවාත් සමඟම නාඳුනන පිරිසක් පැමිණ ඔහුට පහරදී පලාගොස් ඇති බව අදාළ කොන්දොස්තරවරයා පොලීසියට පවසා තිබෙනවා.