මුදල් ගෙවා බස් රථ මිලට ගැනීමට ශ්‍රී ලංගම ඩිපෝ සූදානම් බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මේ වනවිට ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය ඩිපෝ 106 න්, ඩිපෝ 85 ක්ම ලාබ ලබමින් පැවතීම ඊට හේතුවයි.
දැනට හැටන් ඩිපෝව මගින් බස් රථ 12 ක්ම මුදල් ගෙවා මිලදී ගෙන ඇති අතර, එම බස් රථයක වටිනාකම රුපියල් මිලියන 6.9 ක්.
