Gossips

ලංකා ප්‍රිමියර් ලීග් නැවතත්

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය මේ වසරේ දී නැවතත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් සිල්වා ප්‍රකාශ කළා.
අන්තර් පළාත් පන්දු වාර 50හේ තරගාවලිය දියත් කිරීමේ උත්සවයට එක්වෙමින් ඔහු කියා සිටියේ එය බොහෝ දුරට මේ වසරේ සැප්තැම්බර් 08 වන දා සිට 28 වනදා දක්වා පැවැත්වීමට හැකි වනු ඇති බවයි.
පරිපාලනයේ පැවති අර්බුදය හේතුවෙන් පසුගිය වසරේ එම තරඟාවලිය පැවැත්වීමට නොහැකි වූ බවත්, ඔහු සඳහන් කළා.
තරඟාවලිය සඳහා කණ්ඩායම් 5ක් හෝ 6ක් යොදා ගැනීමට බලාපොරොත්තු වන අතර තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රවීන ක්‍රීඩක සහ විස්තර විචාරක රසල් ආනෝල්ඩ්ට ඇරයුම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා කරනවා.