Gossips

ලංකා ගුරු සේවා සංගමයේ සභාපතිවරයා රෝහල් ගත කෙරේ

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද පැවති උද්ඝෝෂණය අතරතුර එල්ල වූ ගල් ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
වර්ජනයේ නිරත ගුරු ඇතුළු අධ්‍යාපන වෘත්තීය සමිති පාගමනින් පැමිණ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද දහවල් විරෝධතාවයේ නිරත වූ අතර, එහිදී ඔවුන් සහ නව පත්වීම් ලබා ගත් පිරිසක් අතර, උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
එම අවස්ථාවේදීයි ලංකා ගුරු සේවා සංගමයේ සභාපතිවරයාට මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇත්තේ.