Gossips

ලංකා ගුරු සංගමයෙන් ජනපතිට ඉල්ලීමක්

තත්ත්ව පරීක්ෂණයකින් අසමත් වූ පාසල් නිල ඇදුම් තොගයක් මිලට ගැනිම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශය එක්ව ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මේ බව සදහන් කළේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.