Gossips

ලංකා ගුරු සංගමයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට චෝදනාවක්

රජයේ ආධාර ලබන පාසල් 36 කට ශාඛා පහ බැගින් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ලබාදීමට ගුරු සංගම් විරෝධය පළ කරනවා.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙම ක්‍රියාමාර්ගය හරහා රජයේ පාසල් නොසළකා හැරීමට ලක්ව ඇති බවයි.
පසුගිය වසරේ කැබිනට් පත්‍රිකාවක් මගින් මේ සඳහා අවසර ලබාදී ඇති අතර, අදාළ පාසල් මේ වනවිටත් මීගමුව, වත්තල, කටුනායක, කළුතර ආදී ප්‍රදේශවල සිය ශාඛා පිහිටුවා තිබෙනවා.