Gossips

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලෙහි වෙනස නෑ

ලංකා අයි. ඕ.සී. සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දමා තිබුනත් ලංකා ඛණීජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව එහි සභාපති ධම්මික රණතුංග පවසනවා.
මේ අතර ලංකා අයි. ඕ.සී. සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.
අයි. ඕ.සී. ඉන්ධනහල් හිමියන් සඳහන් කළේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් සහ ඞීසල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දැමූ බවයි.
ඒ අනුව ලංකා අයි. ඕ.සී. එල්.පී. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 126 දක්වා ඉහළ යන අතර, ඩීසල් ලීටරයක මිල රුපියල් 100 දක්වා ඉහළ යනු ඇති.