Gossips

ලංකා කම්කරු කොග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අරුල්සාමි අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හිටපු මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යවරයෙකු වන එස්. අරුල්සාමි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට 59 වන වියේ පසුවූ ඔහු, අද අලූයම ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වූ බවයි වාර්තාවන්නේ.
වසර 30 ක පමණ කාලයක් දේශපාලනයේ නියැලී සිටි එස්. අරුල්සාමි වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නංවා ගැනීමට ක්‍රියාකාරීව මැදිහත්වූ දේශපාලනඥයෙක්.