Gossips

ලංකාව ඩොලර් බිලියන 2.5ක විදේශ ආයෝජන අපේක්ෂාවෙන්

ශ්‍රී ලංකාව මේ වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක ඍජු විදේශ ආයෝජන අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.
පසුගිය 2017 වසරේදී මෙරටට හිමි වූයේ ඩොලර් බිලියන 1.63ක විදේශ ආයෝජන ප්‍රමාණයක්.
මේ වසරේ ජුනි මාසය දක්වා ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.4ක විදේශ ආයෝජන හිමි කරගෙන ඇති අතර, තවත් ව්‍යාපෘති රැසක් වසර නිමවීමට පෙර ක්‍රියාත්මක කරන බවයි ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.