Gossips

ලංකාව චීනයෙන් රුපියල් බිලියන 1029 ක් ණය ලබාගෙන

පසුගිය වසර 12 ක කාලය තුළ ශ්‍රී ලංකාව චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක් එනම්, රුපියල් බිලියන 1029 ක් ණය මුදල් වශයෙන් ලබාගෙන ඇති බව හෙළිවී තිබෙනවා.
එම ණය මුදල් චීන සංවර්ධන බැංකු සංස්ථාව සහ චීන ආනයන අපනයන බැංකුවෙන් මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ලබාගත් ඒවායි.
මහාමාර්ග, විදුලි බලාගාර, ජල සැපයුම් සහ අපවහන පද්ධති ව්‍යාපෘති සඳහා අදාළ ණය මුදල් ලබාගෙන ඇති අතර, හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සඳහා පමණක් ලබාගෙන ඇති ණය මුදල රුපියල් බිලියන 188 කට අධිකයි.
පුත්තලම තාප විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා 2005 සහ 2006 වසරවලදී රුපියල් බිලියන 72 ක ණය මුදල් චීනයෙන් ලබාගෙන ඇති අතර, දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට බෙලිඅත්තට දීර්ඝ කිරීම සඳහා ලබාගෙන ඇති ණය මුදල රුපියල් බිලියන 300 ක්.
2005 සිට 2017 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගත් ණය මුදල් පිළිබඳව මුදල් අමාත්‍යාංශය මෙම හෙළිදරව්ව සිදුකර ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුවයි.