ශ්‍රී ලංකාවේ නොමිලේ සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අධ්‍යයනයක නිරත වීමට ඉන්දීය වානිජ සහ කර්මාන්ත මණ්ඩලයට අයත් දූත පිරිසක් පැමිණ තිබෙනවා.
13 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හමුවේ විශේෂ සාකච්ඡාවක ද නිරත වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මෙම කණ්ඩායම ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම, සිගරට් පැකට්ටුවේ ඇති රූපමය අවවාද සියයට 80 දක්වා ඉහළ නැංවීම මෙන්ම ශ්‍රී ලංකාවේ වකුගඩු බද්ධ කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තිබෙනවා.
