Gossips

ලංකාවේ ස්වාධිපත්‍ය ගැන බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු කතා කරයි

ශ්‍රී ලංකාව නිරන්තරයෙන් බටහිර රටවල ආධිපත්‍යයට යටත් නොවිය යුතු බව බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ නියෝජිත මයිකල් නෙස්බි සාමිවරයා පවසනවා.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ එරට පළ වන "පොලිටික්ස් හෝම්" නමැති සඟරාවට අදහස් දක්වමින්.
එමෙන්ම ශ්‍රී ලංකාවට දෙපයින් සිට ගැනීම සඳහා කාලය මේ වනවිට එළඹ ඇති බවයි එමගින් ඔහු දක්වා ඇත්තේ.
ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වී මේ වනවිට වසර 10 කට ආසන්න කාලයක් ගතවී ඇති බවත්, නිරන්තරයෙන් බටහිර රටවල් ශ්‍රී ලංකාව පිළිබඳව අධ්‍යයනයන් නොකළ යුතු බව ද නෙස්බි සාමිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහය ද ඉදිරියේදී බ්‍රිතාන්‍යයට අවශ්‍ය වනු ඇති බවයි ඔහු කියා සිටියේ.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන නෙස්බි සාමිවරයා කර ඇති මෙම ප්‍රකාශය පිළිබඳව අදහස් පළ කළා.
එහිදී ඔහු කියා සිටියේ එම ප්‍රකාශය අගය කළ යුතු බවයි.