කොළඹ වරාය නගරයේ ඉදිකිරීම සහ අනෙකුත් ප්‍රදේශවල සිදු වූ භූමියේ වෙනස්කම් ඇතුළත් කර සකසන ලද දිවයිනේ නව සිතියම මැයි මස අගවන විට නිකුත් කිරිමට සැලසුම් කර ඇති බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා.
ඊට අදාළ දත්ත රැස් කිරීම් මේ වනවිට අවසන් කර ඇති අතර, එය මුද්‍රණය කිරීමේ කටයුතු ඉදිරියේදී සිදුකරන බවයි මිනුම්පති පී.එන්.පී.උදයකාන්ත සඳහන් කළේ.