Gossips

ලංකාවේ බැංකු ව්‍යවසායක ණය ඉක්මවලා – ආසියානු සංවර්ධන බැංකුව

මෙරට බැංකු මගින් ක්‍ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබාදෙන ණය ප්‍රමාණය ඉලක්කගත සීමාව ඉක්මවා ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.
මෙරට බැංකු මගින් ක්‍ෂුද්‍ර ව්‍යවසායකයන් වෙත නිකුත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100 ක මූල්‍යාධාරයක් ලබාදී තිබුණා.
දේශීය බැංකු එම මුදල් ලබාගත්තේ ප්‍රතිපත්ති පොලී අනුපාත යටතේයි. බැංකු මගින් වෙළඳපොල පොලී අනුපාත යටතේ එම ණය මුදල් නිකුත් කළ අතර, ක්‍ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 1750 කට එලෙස ණය ලබාදී තිබෙනවා.
මෙම ණය ලබාදීමේදී කාන්තා ව්‍යවසායකයන්ට සියයට 20 ක ප්‍රතිශතයක් ලබාදිය යුතු ලෙස කොන්දේසියක් ඉදිරිපත් කර තිබූ අතර, පසුගිය වසරේ ඔක්තෝම්බර් වනවිට එය සියයට 27 ඉක්මවා තිබුණා.