Gossips

ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉන්දියාවේ සහය

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට පදනම් වන ආයෝජන, නිවාස, වරාය හා ගුවන් සේවා අංශ පුළුල් කිරීමට ඉන්දීය රජයේ පූර්ණ සහාය ලබාදෙන බව එරට විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් ප්‍රකාශ කර තිබෙනවා.
ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා වියට්නාමයට පැමිණ සිටින ඇය මේ බව සඳහන් කළේ අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදියි.
මෙම හමුවට පෙර අග්‍රාමාත්‍යවරයා, බංග්ලාදේශ සැලසුම් අමාත්‍ය මුස්තාෆා කමල්, වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෆාම් බින් මින් හමුවී සාකච්ඡා පවත්වනු ලැබුවා.
ඉන්දීය සාගර කලාපයේ නව හැඩතල නිර්මාණය කිරීම යන්න තේමාව කර ගත් ඉන්දීය සාගර සමුළුව වියට්නාමයේ හැනොයි අගනුවර දී මේ වන විට ආරම්භ වී තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර සමුළුව ඇමතූ බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.