වාර්ෂිකව පිළිකා රෝගීන් 23,000 ක් පමණ මෙරටින් වාර්තාවන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.
හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ අතරින් වැඩිම රෝගීන් පිරිසක් පියයුරු පිළිකාවලට ගොදුරුවූවන් බවයි.
මීට අමතරව පිළිකා රෝගවලින් තුනෙන් එකක්ම සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කිරීම තුළින් වළක්වා ගත හැකි මට්ටමේ පවතින බවයි වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ.