Gossips

ලංකාවෙන් කටාර් ගිහින් අතුරුදන් වූ කාන්තාව ?

කටාර් රැකියාව සඳහා පිටත්ව ගොස් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති කාන්තාවක සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් දන්වන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කින්නියා හි පදිංචි ඒ.එම්.රෂිනා නැමැති කාන්තාවක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඇය 2003 වසරේ ජූලි මස 25 වන දින කටාර් බලා පිටත්ව ගොස් ඇති අතර මේ දක්වා ඇය පිලිබඳව කිසිදු තොරතුරක් නොමැති බවයි වාර්තා වන්නේ.
ඇය පිළිබඳව තොරතුරු දන්නා අයෙක් සිටීනම් එම කාර්යාංශයේ සමථ III අංශයේ 0112864136 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.