Gossips

රෝහල දෙවනත් කරමින් සිදු වූ පහරදීම

ජාඇල පෞද්ගලික රෝහලක දේපළවලට දැඩි අලාභහානි සිදුකළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළේ අදාළ පුද්ගලයාගේ ඥාති දරුවෙකුට ලබාදුන් ප්‍රතිකාර සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවීමෙන් ඔහු මෙලෙස කලහකාරි ලෙස හැසිරුණ බවයි.
සිය ඥාති දරුවෙකු භූමිතෙල් පානය කර ඇති බව පවසා පුද්ගලයෙකු මෙම රෝහලට පැමිණ ඇත්තේ ඊයේ පස්වරුවේයි.
එහිදී දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර සදහා එම දරුවා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලෙසයි.
අප වාර්තාකරු සදහන් කළේ රෝහලේ දේපලවලට සැකකරු හානිකර ඇති අතර, එහි පාඩුව රුපියල් ලක්ෂ 13 කට ආසන්නයැයි පැවසෙන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයා අද පෙරවරුවේ ජාඇල පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.