Gossips

රෝහලෙනුත් ඉවත දැමූ පියෙක්

පානදුර මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත් වයෝවෘද්ධ පියෙකු, රෝහල් ආරක්ෂක නිලධාරීන් විසින් අත්තනෝමතික ලෙස පිටතට ඇඳ දැමූ බවට පිරිසක් චෝදනා කරනවා.
කෙසේ වෙතත් රෝහල් බලධාරීන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
මෙම වයෝවෘද්ධ පියා අපට හමු වූයේ පානදුර මූලික රෝහල ඉදිරිපිට පිහිටි ATM යන්ත්‍ර කුටියක වැතිරී සිටියදී.
හිසේ හටගත් රෝගයක් සහ කොන්දේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පසුගිය 5 වැනිදා පානදුර මූලික රෝහලට ඇතුළත්ව ඇති ඔහු මෙම ස්ථානයට ගෙනැවිත් දමා ඇත්තේ රෝහලේ ආරක්ෂක නිලධාරීන් විසින්.