Gossips

රෝහල්ගතකළ පාසල් දැරිය ගැබිණියක් වූ හැටි අවසානයේ එළියට එයි

රෝහල්ගතකළ පාසල් දැරිය ගැබිණියක් වූ හැටි අවසානයේ එළියට එයි"
උදරාබාධයක් සඳහා රෝහල් ගත කළ දැරියක් ගැබිණියක් බවට හඳුනාගත් පුවතක් සෙවනගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස ගැබිනියක් බවට හඳුනාගෙන ඇත්තේ සෙවනගල කලුදිය ආර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දහසයක පාසල් දැරියක් බවටයි වාර්තා වන්නේ.
ඇය උදරාබාධයක් සදහා රෝහල් ගත කල අවස්ථාවෙදී වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන ඇත්තේ ඒ වනවිටත් පස් මස් වියැති ගැබිණියක් බවයි.
පසුව වෛද්‍යවරුන් විසින් අදාළ දැරිය පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇති අතර ඒ අනුව පොලිසිය අදාළ දැරියගේ මවගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර තිබෙනවා.
එහිදී දැරියගේ මව පවසා ඇත්තේ තමන් මෙම සිදුවීම පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.
විමර්ශනවලදී අනාවරණ වූ කරුණුවලට අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දැරියගේ සුලු පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී අනාවරණ වී ඇත්තේ තවත් සැකකරුවකු මීට සම්බන්ධ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සෙවනගල පොලිසියයි විමර්ශන සිදුකරන්නේ.