Gossips

රොහින්ග්‍යා සරණාගතයන් සියලුදෙනා භාරගැනීමට මියන්මාරය සූදානම්

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට රඛීනේ ප්‍රාන්තයේ පැවති ගැටුම් හේතුවෙන් බංග්ලාදේශයට පලාගිය හත්ලක්ෂයක් පමණ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් සියලුදෙනා භාරගැනීමට තම රට සූදානම් බව මියන්මාරය ප්‍රකාශ කළා.
එරට ජාතික ආරක්ෂක උපදේශක තාවුන් තුන් මේ බව කියා සිටියේ සිංගප්පූරුවේ පැවැත්වෙන ෂැංග්‍රිලා ආරක්ෂක සමුළුවට එක්වෙමින්.
රොහින්ගයා සරණාගතයන් සම්බන්ධයෙන් ජගත් සංවිධානය මියන්මාර රජයට චෝදනා කරන අතර, ඔවුන් නැවත ගෙන්වාගැනීම සඳහා බංග්ලාදේශය සහ මියන්මාරය අතර පසුගිය ජනවාරි මාසයේ ගිවිසුමක්ද අත්සන් තැබුණා.