Gossips

රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට මියන්මාරයට පැමිණීමේ වාතාවරණයක් නොමැති බව ජගත් සංවිධානය කියයි

රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට නැවත මියන්මාරයට පැමිණීමේ වාතාවරණයක් තවමත් සකස් වී නොමැති බව ජගත් සංවිධානය පවසනවා.
එහි දින 06 ක චාරිකාවක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලයේ සහකාර මහලේකම් උර්සුලා මුලර් ජාත්‍යන්තර මාධ්‍යට ඒ බව ප්‍රකාශ කළා.
පසුගිය අගෝස්තුවේ සිට මියන්මාරයේ රකීනේ ප්‍රාන්තයේ සිට හත්ලක්ෂයකට අධික රොහින්ග්‍යා සරණාගතයන් බංග්ලාදේශයට පළා ගොස් සිටිනවා.
ඔවුන් නැවත මියන්මාරයේ පදිංචි කරලීම සඳහා එකඟත්වයක් ඇති වුවද මෙතෙක් එක සරණාගතයෙකු හෝ නැවත මියන්මාරයට පැමිණ නැහැ.