තමන් ඉවත් කර එක්සත් ජාතික පක්ෂය මීගමුව ආසන සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පත් කිරීම සම්බන්ධයෙන් එහි හිටපු සංවිධායක රොයිස් ප්‍රනාන්දු අදත් දැඩි විරෝධය පළ කළා.
ඒ මීගමුව ප්‍රදේශයේ අද පැවති ජන හමුවක් අමතමින්.
එහිදී ඔහු කියා සිටියේ ජාඇළ ප්‍රදේශයෙන් පැමිණි කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා යළි ආපස්සට හරවා යැවීමෙන් තම සටන අවසන් කරන බවයි.
