Gossips

රොනී ලීච්ගේ දේහය ගෙන්වා ගැනීමට පියවර

අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහය දිවයිනට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අද අලූයම මියයනවිට 65 වන වියේ පසුවුණා.
ඔහු ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේදී පසුගිය සෙනසුරාදා ප්‍රසංගයකට සහභාගිවී ඇති අතර, අද පස්වරුවේ යළි දිවයිනට පැමිණීමට සූදානම්ව සිටි බව සඳහන්.
ඒ අතරතුර ඇතිවූ හදිසි හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇති බවයි ඔහුගේ පුත්‍රයා වන කේශක ලීච් කියා සිටියේ.