Gossips

රොනී ලීච්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව

අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහයට අද පස්වරු 6 සිට රාත්‍රි 10 දක්වා සහ හෙට පෙරවරු 8 සිට 2 දක්වා මහජනතාවට අවසන් ගෞරව දැක්විම සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.
අද දහවල් ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහයට මෙරටට රැගෙන එනු ලැබුවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ පැවැත්වෙන දේව මෙහෙයෙන් පසුව ගල්කිස්ස පොදු සුසානභූමියේදී සිදුකිරීමට නියමිතයි.
රොනී ලීච් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පසුගිය 1 වනදා අලූයම අභාවප්‍රාප්ත වුණේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්.
මියයන විට ඔහු 65 වන වියේ පසුවුණා.