Gossips

රොජර් සෙනෙවිරත්න, ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වෙයි

ජාතික නිදහස් පෙරමුණෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉවත් වීමට හේතුව දැනට ප්‍රකාශ කළ නොහැති බවයි.
ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට ඊයේ යොමුකළ බවද ඔහු සදහන් කළා.
ඉවත්වීමට අදාළ කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරන බවයි රොජර් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා සදහන් කළේ.
පක්ෂයේ පළමු සම්මානනීය සාමාජිකත්වය තමන්ට හිමිවූ බවත්, පක්ෂයේ තනතුරක් නොමැතිව වසර 10 කට ආසන්න කාලයක් පක්ෂය වෙනුවෙන් තමන් කැප වී කටයුතු කළ බවත්, ඔහු කියා සිටියා.
පක්ෂයෙන් ඉවත් වීමට හේතු ගණනාවක් පැවති බවත්, නොබෝ දිනකින් ඒවා හෙළි කිරීමට සූදානම් බවත්, ඔහු වැඩිදුරටත් සදහන් කළා.
කෙසේ වෙතත්, රට සහ ජනතාව වෙනුවෙන් ඉදිරියටත් දේශපාලනයේ නිරත වන බවයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න ප්‍රකාශ කරන්නේ.