Gossips

රොකට්ටුවක් නිර්මාණය කළ ගිහාන්ට ජනපතිගෙන් රුපියල් ලක්ෂ 10 ක්

කිලෝ මීටර් 20 ක දුරකට යැවිය හැකි යැයි අනුමාන කරන රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාට සිය ඉදිරි නිර්මාණ කටයුතු සාර්ථක කරගැනීම උදෙසා රුපියල් ලක්ෂ 10 මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද සිදුකර තිබෙනවා.
අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම මුල්‍ය පරිත්‍යාගය ලබාදුන් බවයි ජනපති මාධ්‍ය අංශය සදහන් කළේ.
එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික නිලධාරීන් ද මෙම අවස්ථාවට කැදවා තිබුණු අතර රොකට්ටුව ගුවන් ගත කිරීම සදහා ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.