කලා වැව ජාතික උද්‍යානයේ ඇත් පංතියේ සිටින සංචාරක ආකර්ෂණය දිනාගත් "දීගදන්තු දෙක" හස්තියා එම උද්‍යානයේම සැරිසරන "රේවත" නමැති හස්තියා සමඟ ඇතිවූ සටනකින් තුවාල ලබා තිබෙනවා.
සතුන් දෙදෙනා අතර ඇතිවූ සටනින් "දීගදන්තු දෙක" හස්තියාගේ දකුණු කණ පසුපස තුවාල වී ඇති බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.
ඊයේ (14) සවස පශූ වෛද්‍යවරුන් පැමිණ පලාගල, කරවිලගල වැව් ඉස්මත්තේ දී තුවාල ලබා සිටි හස්තියාට ප්‍රතිකාර ලබා දී ඇති බව වාර්තා වනවා.
ඇතාගේ තත්වය එතරම් බරපතළ නොවන බවත් සත්වයාගේ තත්වය දිගින් දිගටම නිරීක්ෂණය කරන බවත් අවශ්‍ය ප්‍රතිකාර නොකඩවා ලබාදීමට කටයුතු යොදා ඇති බවත් ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් වැඩිදුරටත් පැවසුවා.
ඡායාරූප – කැකිරාව, කුෂාන් ජයවර්ධන