Gossips

රේගු වර්ජනය නිසා ආහාර සහ ඖෂධ ගොඩබෑමත් නතර වන ලකුණු

තම ගැටලූවට හෙට දිනයේදීත් විසදුමක් ලබාදීමට රජය කටයුතු නොකළහොත් අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ නිශ්කාෂණය කිරීමේ කටයුතුවලින් ද ඉවත් වන බවට රේගු වෘත්තීය සමිති අනතුරු ඇගවීමක් සිදුකරනවා.
දින 6 ක් පුරා ක්‍රියාත්මක මෙම වර්ජනය හේතුවෙන් මෙතෙක් සාමාන්‍ය භාණ්ඩ නිශ්කාශනය නවතා දැමීමටයි ඔවුන් කටයුතු කළේ.
මේ අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සුරාබදු වෘත්තීය සමිති 12 ක් මේ වන විට සහය පළ කර තිබෙනවා.
ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට, විශ්‍රාමික නිලධාරිනියක් පත් කිරීමට රජය කටයුතු කිරීමේ උත්සාහයක පවතින බවයි.
ඒ අනුව, ඊට විරෝධය පළ කරමින් රේගු වෘත්තීය සමිති සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගයට තම සංගම් ද සහය දක්වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව ඇති බව පවසමින් හෙට දිනය තුළ පිටකොටුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් වසා දැමීමට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය තීරණය කළා.
හෙට දිනයේදී මෙම ගැටලූවට විසඳුමක් නොලැබුණහොත් ඊට සහය පළ කරමින් කන්ටේනර් ප්‍රවාහනකරුවන්ගේ සංගමය මෙන්ම වාප්පු ලිපිකරුවන්ද සේවා කටයුතුවලින් ඉවත්වීමටයි තීරණය කර ඇත්තේ.rn