Gossips

රේගු වර්ජනය ගැන විපක්ෂ නායකත් කතා කරයි

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සම්බන්ධයෙන් ඇති වූ ගැටලූව ආණ්ඩුව අවුල් සහගත තත්ත්වයට පත් කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
කොළඹ – මහවැලි කේන්ද්‍රයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළේ.
මේ අතර, පරිපාලන නිලධාරියෙකු පත් නොකර හිටපු නාවික හමුදා නිලධාරියෙකු රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ද එකගත්වයක් නොතිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.