රේගු ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය දින 6 ක් පුරා සිදුකළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ඊයේ රාත්‍රියේ අවසන් කළා.
ඒ, රේගු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් යළි එම ධුරයට පත් කරන බව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් ඔවුන්ට දැනුම්දීමෙන් අනතුරුවයි.
රේගු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මීට පෙර ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාව ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉල්ලා අස්කර ගත්තා.
ඒ අනුව රේගු අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කෙරුණු පී.එස්.එම්. චාල්ස් මාස 03 ක කාලයක් සඳහා යළි පත්කිරීමටයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත්තේ.
රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්.චාල්ස් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරිවරයෙකු පත් කිරිමට එරෙහිව රේගුවේ සේවකයින් පසුගිය 30 වනදා සිට අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය යළිත් ඇය එම ධුරයට පත් කරන බව දැනුම්දීමත් සමඟ සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හළ බවයි රේගු අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ කියා සිටියේ.