Gossips

රේගු වර්ජනයේ පාඩුව බිලියන 12ක් – සිරවුණු අල,ළුෑණු, අද සිට වෙළඳපොලට

රේගු වෘත්තීය සමිති සතියක් පුරා දියත් කළ වෘත්තීය කි්‍රයාමාර්ගය හේතුවෙන් රුපියල් බිලියන 12කට වැඩි පාඩුවක් සිදුව ඇති බව එම වෘත්තීය සමිති පවසනවා.
රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ බහාලූම් 7000 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිටත් කොළඹ වරායේ සිරවී ඇති බවයි.
හැකි ඉක්මනින් ඒවා නිෂ්කාශනය කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ධුරයෙන් ඉවත් කළ රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාල්ස් යළි එම ධුරයට පත් කරන ලෙස ඉල්ලා රේගු වෘත්තීය සමිති මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ පසුගිය මස 30 වනදායි.
කෙසේ වෙතත්, ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඇය එම ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පති්‍රකාව ඉල්ලා අස් කර ගැනීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර කටයුතු කළ අතර, ඒ සමඟම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට රේගු වෘත්තීය සමිති පියවර ගනු ලැබුවා.
මේ අතර, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොලැබීම නිසා තමන් අපහසුතාවයට පත්ව ඇති බව පවසමින් ඊයේ දිනයේදී වසා දමා තිබූ පිටකොටුවෙහි තොග වෙළඳසැල් අද පෙරවරුවේ එහි හිමිකරුවන් විසින් යළි විවෘත කරනු ලැබුවා.
කෙසේ වෙතත්, ඔවුන් පෙන්වා දෙන්නේ රේගු වර්ජනය අවසන් වුව ද අත්‍යාවශ්‍ය ආහාර තොඟ ලැබීමේ අඩුවක් තවමත් පවතින බවයි.
මේ සම්බන්ධයෙන් අප අත්‍යාවශ්‍ය භාණ්ඩ හා තොඟ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දුගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ අත්‍යාවශ්‍ය ආහාර බහාලූම් 1400 කට වැඩි ප්‍රමාණයක් වරායෙහි තවමත් සිරවී ඇති බවයි.
කෙසේ වෙතත්, නරක් වීමේ අවදානමක් පවතින අර්තාපල්, බී ළුෑණු සහ සුදුළුෑණු වැනි ආහාර බහාලූම් කිහිපයක් නිදහස් කිරීමට රේගු නිලධාරින් කටයුතු කර තිබෙනවා.