Gossips

රේගු වර්ජනයට කන්ටේනර් රථ ප්‍රවාහන සහ වාප්පු ලිපිකරුවනුත් එක්වෙයි

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් යළි සේවයේ පිහිටුවීමට කටයුතු නොකිරීමට එරෙහිව වෘත්තීය සමිති ආරම්භ කර ඇති ක්‍රියාමාර්ගවලට අදට දින 6ක් ගත වනවා.
තවමත් ඒ පිළිබදව රජයෙන් නිසි විසඳුමක් ලැබී නොමැති බවටයි රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය චෝදනා කළේ.
මේ අතර, රේගු වෘත්තීය සංගම් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් හෙට (05) දිනයේදී කන්ටේනර් ප්‍රවාහනකරුවන්ගේ සංගමය සහ වාප්පු ලිපිකරුවන් තම සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
මීට අමතරව හෙට (05) දිනයේදී පිටකොටුව අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් වසා දැමීමට කටයුතු කරන බවයි අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු කියා සිටියේ.
ඒ, රේගු වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව පවසමින්.