කුවේට් සිට දිවයිනට පැමිණි යුවළකගේ පහරකෑමකට ලක්ව රේගු නිලධාරීන් 5 දෙනෙකු තුවාල ලබා මීගමුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම යුවළ රැගෙන ආ සුනඛයා සත්ත්ව නිරෝධායන රෙගුලාසි යටතේ රදවා ගැනීම හේතුවෙන් ඊට උරණ වී ඔවුන් බලහත්කාරයෙන් සුනඛයා ද සමඟ ගුවන් තොටුපළෙන් පිටව යාමට උත්සාහ කිරීම වැළැක්වීමට යාමේදීයි ඔවුන් රේගු නිලධාරීන්ට පහර දී ඇත්තේ.
පසුව රේගු භාරයට ගත් සැකකාර යුවළ පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.
