Gossips

රේගු නිලධාරීන් සේවයෙන් ඉවත්වෙයි

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව කොළඹ වරායේ රේගු නිළධාරින් මේ වනවිට සේවයෙන් ඉවත්වී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් හදිසියේම එම තනතුරෙන් ඉවත් කර මෙම පත් කිරීම සිදුකර ඇති බවයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ කියා සිටියේ.
කොළඹ වරායේ මගී සහ අපනයන අංශ හැර අනෙකුත් අංශවල සේවකයින් මෙම වර්ජනයට එක්ව සිටින බවද ඔහු සඳහන් කළා.