Gossips

රේගු නිලධාරීන්ට පහර දුන් කුවේට් යුවළට රටින් පිටවීම තහනම්

රේගු නිලධාරීන් 5 දෙනෙකුට කටුනායක ගුවන් තොටුපළේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින කුවේට් සිට මෙරටට පැමිණි විදේශික යුවලට නඩු විභාගය අවසන් වන තෙක් රටින් පිටවීම තහනම් කර තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුව මීගමුව මහේස්ත්‍රාත් සජින්ද්‍රා ජයසූරිය හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.
එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ ඊට අදාළ පිටපත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙසයි.
ලබන මස 10 වන දා යළි ඔවුනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
මෙම යුවළ රැගෙන ආ සුනඛයා සත්ත්ව නිරෝධායන රෙගුලාසි යටතේ රදවා ගැනීම හේතුවෙන් ඊට උරණ වූ ඔවුන් බලහත්කාරයෙන් සුනඛයා ද සමඟ ගුවන් තොටුපළෙන් පිටව යාමට උත්සාහ කිරීම වැළැක්වීමට යාමේදීයි පසුගිය 27 වන දා රේගු නිලධාරීන්ට පහර දී තිබුණා.