Gossips

රේගු නිලධාරින්ට පහරදුන් කුවේට් ජාතික යුවලට අත්හිටවූ සිරදඩුවමක්

රේගු නිලධාරින් 5 දෙනෙකුට කටුනායක ගුවන්තොටුපලේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින කුවේට් ජාතික යුවලට වසර 5 කට අත්හිටවූ මාස 6 ක සිරදඩුවමක් නියම කර තිබෙනවා.
එසේම, ඔවුන්ට රුපියල් 9000 බැගින් දඩ පැනවීමටයි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ.
රාජකාරියට බාධා කිරීම, නිලධාරින් අපහසුතාවයට පත් කිරීම සහ පහරදීම යන චෝදනා මුල් කර ගනිමින් මොවුන්ට මීට පෙර රුපියල් එක්ලක්ෂ 50,000 ක දඩ මුදලක් ද නියම කෙරුණා.
මෙම යුවල රැගෙන ආ සුනඛයා සත්ත්ව නිරෝධායන රෙගුලාසි යටතේ රදවා ගැනීම හේතුවෙන් ඊට උරණ වූ ඔවුන් බලහත්කාරයෙන් සුනඛයා ද සමග ගුවන්තොටුපලෙන් පිටව යාමට උත්සාහ කිරීම වැළැක්වීමට යාමේදීයි පසුගිය ජූලි 27 වනදා මෙම සිදුවීම වාර්තා වුණේ.