Gossips

රේගු නිලධාරින්ට පහරදුන් කුවේට් යුවලට ඇප

රේගු නිලධාරීන් 5 දෙනෙකුට කටුනායක ගුවන් තොටුපළේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුවේට් සිට මෙරටට පැමිණි විදේශික යුවල ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඔවුන් මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් නෙල්සන් පී. කුමාරනායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හරිනු ලැබූ මහේස්ත්‍රාත්වරයා නඩුව අනිද්දා යළි කැදවීමට නියෝග කළා.
මෙම යුවළ රැගෙන ආ සුනඛයා සත්ත්ව නිරෝධායන රෙගුලාසි යටතේ රදවා ගැනීම හේතුවෙන් ඊට උරණ වූ ඔවුන් බලහත්කාරයෙන් සුනඛයා ද සමඟ ගුවන් තොටුපළෙන් පිටව යාමට උත්සාහ කිරීම වැළැක්වීමට යාමේදීයි ඊයේ පස්වරුවේ රේගු නිලධාරීන්ට පහර දී තිබුණේ.
ඉන් තුවාල ලැබූ රේගු නිලධාරිනියක ද ඇතුළු 5 දෙනා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු අතර මේ වනවිට ඔවුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.