Gossips

රේගු දැලේ පැටලුණු විසිතුරු මසුන්

සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන ආ විසිතුරු මසුන් තොගයක් සමඟ ශ්‍රී ලංකිකයෙක් කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගමන් මළුවල ඉතා සුරක්ෂිත අයුරින් අසුරා තිබූ මෙම විසිතුරු මසුන් තොගය ගුවන්තොටුපොලෙන් පිට කිරීමට උත්සහ කිරීමේදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට පත් පුද්ගලයා අද (20) අලුයම මෙරටට පැමිණ ඇති අතර ඔහු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
රේගු භාරයට ගනු ලැබූ මෙම මසුන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 4කට අධික බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් රේගුව වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.