නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශයක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගේ ගමන් මල්ලේ සඟවා තිබී දුම්වැටි කාටුන් 142ක් සොයාගත් බවයි ගුවන් තොටුපොල රේගුව පවසන්නේ.
මෙම දුම්වැටි තොගයේ වටිනාකම දාහතර ලක්ෂ විසිදහසක්.
සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණ ඇති අතර ඔහු කැළණිය ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ අතර බැංකොක් නුවර සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් රහසිගතව මෙරටට රැගෙන ආ ඇන්තූරියම් පැල විශ්ෂයක් රේගු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.
මොවුන් මෙලෙස ඇන්තූරියම් පැල 798ක් නීති විරෝධී ලෙස මෙරටට ගෙනවිත් ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ පහකට ආසන්න බවයි අප වාර්තාකරු පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකරුවන් දෙදෙනා මාතර සහ බත්තරමුල්ල ප්රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.