Gossips

රේගුව අද සිට අකුරට වැඩ

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු නිළධාරින් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද පෙරවරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් බවට පත් කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ රැස්වූ රේගු වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව මෙම තීරණයට එළඹි බවයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් කටුනායක ගුවන්තොටුපළ, කොළඹ වරායේ මගී සහ අපනයන අංශ හැර ආනයන විමර්ශණ කටයුතු සිදුකරන අංශවල සේවකයින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවේ ඊයේ පස්වරු තුනේ සිටයි.