Gossips

රේගුවට වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු පත් කෙරේ

මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වූ එච්.ජී. සුමනසිංහ රේගු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ අද පෙරවරුවේ මෙම පත් කිරීම සිදුකළ බවයි.
රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගුවේ සේවකයන් ඊයේ පස්වරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර එය තවදුරටත් ක්‍රියාත්මකයි.