Gossips

රෙහෙමාන්ට මාස 06කට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තහනම්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ පිතිකරු ශබීර් රෙහෙමාන් හට ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණ කර තිබෙනවා.
සමාජ ජාල මාධ්‍ය භාවිත කරමින් ප්‍රේක්ෂකයිට අපහාසවන අයුරින් කටයුතු කරමින් විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුට මෙම දඬුවම් නියම කළ බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ.
අනුව මාස හයක කාලයක් ශබීර් රෙහෙමාන්ට ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වීමට අවසර ලැබෙන්නේ නැහැ.
ඒ අනුව ඉදිරියේදී බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වන තරඟාවලි කිහිපයක්ම ඔහුට අහිමිව යනවා.
කෙසේ වෙතත් එළඹෙන ආසියානු කුසලාන තරඟාවලිය වෙනුවෙන් නම් කළ සංචිතයට ඔහු ඇතුළත්ව සිට නොමැති බවයි වාර්තා වන්නේ.
බංග්ලාදේශය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 11 කට, එක්දින තරඟ 54 කට සහ පන්දුවාර 20 තරඟ 41 කට ශබීර් රෙහෙමාන් ක්‍රීඩා කර තිබෙනවා.