Gossips

රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට් 07වන අදියරට ශ්‍රී ලංකාව සැරසෙයි

රෙඩ් බුල් මඟින් ක්‍රියාත්මක කෙරෙන RBCC ශ්‍රී ලංකා රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට් තරඟාවලිය මෙවර 07 වන වරටත් සංවිධානය කර තිබෙනවා.
එම තරඟාවලිය එළඹෙන 19 වන දින කොළඹ BRC සහ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණ වලදී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සරසවි කණ්ඩායම් 24 ක් මෙවරද මුහුණට මුහුණ තරඟ වැදීමට නියමිත බවයි පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් RBCC කළේ.
ජාතික තරඟාවලිය ජයගන්නා කණ්ඩායම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක කුසලාන අවසන් මහා තරඟයට ඉදිරිපත්වනු ඇති.
මේ අතර පසුගිය තරඟාවලි 07 ක ඉතිහාසයේදී ජාත්‍යන්තර පිටියට රට රටවලින් හඳුන්වාදුන් සුපිරි දක්ෂයන් ලෙස ඉන්දියාවේ කේ එල් රාහුල්, දකුණු අප්‍රිකාවේ ලුන්ගි න්ගිඩ්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ චිරාග් සූරි, ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අමතක කළ නොහැකියි.
RBCC හෙවත් රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට් තරඟාවලියේ ජාත්‍යන්තර මට්ටමේ නීති රීති ක්‍රියාත්මක වීම විශේෂත්වයක්
එහි අධ්‍යක්ෂක ලෙස බ්‍රෙන්ඩන් කුරුප්පු පත්කර ඇති අතර සන්නාම තානාපති වන්නේ හිටපු සුපිරි ක්‍රීඩක රොෂාන් මහානාමයි.
සිව්වනි වරටත් මෙම වසරේ ශ්‍රී ලංකාව RBCC සඳහා සත්කාරකත්වය ලබාදෙන අතර සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත RBCC හි ලෝක කුසලාන අවසන් තරඟය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා කැම්පස් ක්‍රිකට් විශේෂ තලයකට ඔසවා තබමින්.
RBCC මේවර පැවැත්වෙන්නේ ද පාසලින් ක්‍රීඩා සමාජ කරා පැමිණෙන දක්ෂයින්ට ජාත්‍යන්තර මට්ටමට ළඟාවීමට අවශ්‍ය පැහැදිලි මාවතක් විවර කර දීමේ ඒකායන බලාපොරොත්තුව පෙරදැරිවයි.
2013 සිට 2017 වසර දක්වා පැවති තරඟාවලි තුලදී ශුරතාවයන් හිමිකරගත් කණ්ඩයම් පහතින්.